කොරෝනා මෘතදේහ භූමදානයට කොන්ක්‍රීට් වළවල්!

December 13, 2020 at 10:47 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වී මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ මෘතදේහ ආරක්ෂිතව භූමදානය සඳහා කොන්ක්‍රීට් වළවල් යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය යෝජනා කර තිබේ.

කොරෝනා මරණ භූමදානය පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ විශේෂඥ කමිටුවේ ඊළඟ හමුව සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් පවසයි.

ඒ අනුව මුස්ලිම් කොරෝනා මරණ භූමදානය සඳහා කොන්ක්‍රීට් වළවල් තැනීමට සුදුසු වියළි භූමියක් හඳුනාගත යුතු බව ද හෙතෙම සඳහන් කළේ ය.

කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයෙකුගේ දේහයේ දින 36ක කාලයක් මෙම වෛරසය පවතිනු ඇති බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

මෙම යෝජනාව විශේෂඥ කමිටුව පිළිගත හොත් මුස්ලිම් කොරෝනා මරණ ආදාහනය පිළිබඳ මතුව ඇති ආන්දෝනාත්මක වාතාවරණය අවසන් වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *