කොට කොට යන මගී බස් අල්ලන්න G.P.S…!

July 10, 2023 at 3:49 pm | by emanisa.lk

මහනුවර හා තදාසන්න ප්‍රදේශවල ධාවනය වන පෞද්ගලික බස් රථ G.P.S. තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමට මහනුවර නගර සංවර්ධන කමිටුව තීරණය කර තිබේ.

මහනුවර නගර සංවර්ධන කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ දුර ගමන් සේවා නොවන බස් රථ රැසක් සිය ගමන්වාරය ආරම්භ කොට නගර සීමාව පසුවන තෙක් මන්දගාමීව ධාවනය වන බවට කමිටුවට ලැබී ඇති පැමිණිලි සලකා බැලීමෙනි.

ඒ අනුව G.P.S. උපාංග භාවිත කරමින් බස් රථ විධිමත්ව නිරීක්ෂණය කොට තදබදය පාලනය කිරීමේ වැඩසටහන ඉදිරියේදී සැලසුම් කිරීමට නියමිතය.

මහනුවර නගරය සංවර්ධනය කිරීමේ විශේෂ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව ඇති අතර නගරයේ සංවර්ධන කටයුතු පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීම මහනුවර නගර සංවර්ධන කමිටුවේ කාර්යයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *