කොකේන්කාරයෝ 24න් 90%ක් මහින්දගේ ඈයෝ! මම ලිස්ට් එක CIDයට දුන්නා! – රංජන්

February 22, 2019 at 7:40 am | by admin

පාර්ලිමේන්තුවේ කොකේන් ගහන මැති ඇමතිවරු 24ක් සිටින බවට තමන් කළ ප්‍රකාශය සත්‍ය බවත් එයින් 90%ක් මහින්ද රාජපක්ෂ අසල සිටින බවත් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි.

එසේම අදාළ මන්ත්‍රී ලැයිස්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව ද ඇමතිවරයා සඳහන් කරයි. කෙසේ වුවද පසුගිය දිනවල ඔහු ප්‍රකාශ කළේ කොකේන් ගහන ඇමතිවරු 6ක් සිටින බවකි.

මේ නිසාම එජාපය මහත් අපහසුතාවට පත් වූ අතර ඇමති රංජන් සහභාගී නොවූ පක්ෂ හමුවක දී ඇමති හරීන් ප්‍රනාන්දු කියා තිබුණේ ළඟ සිටියා නම් රංජන්ගේ කනට ගසන බවය. ඊයේ වන විට ඔහුගේ ඇමති තනතුර අහිමි වීමේ අවධානමක්ද මතුව තිබිණි. ඇමතිවරයා සිය ට්විටර් ගිණුමේ මෙම සටහන තබන්නේ ඒ අතරය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *