මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ඉවත් කිරීමට නියමිතව තිබූ ගම්පහ දාරළුවේ පිහිටි කෘඩියා සෙලනිකා වර්ගයට අයත් වෘක්ෂය මහණ කිරීමට භික්ෂූන් වහන්සේලා පිරිසක් කටයුතු කර තිබේ.
මෙම ශාඛය රතු දත්ත පොතට ගොස් ඇති අතිදුර්ලබ ශාඛයක් බැවින් එය ආරක්ෂා කරගත යුතු බව පරිසරවේදීන් පෙන්වා දී තිබේ.
කෙසේ නමුත් ඇතැමුන් පවසන්නේ මෙය ලංකාවේ පවතින එක ම කෘඩියා සෙලනිකා ශාඛය නොවන බවත් දැනටමත් එම වර්ගයේ ගස් හතක් සහ පැළ විශාල ප්‍රමාණයක් හමු වී ඇති බවත් හෙළි වී තිබේ.
එහෙයින් මෙම ගස ඊට හානි නොවන ආකාරයට එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක රෝපණය කිරීමට නියමිතව තිබිණි.
මෙයට පෙර ද ඇතැම් කණ්ඩායම් ගස් මහණ කිරීම සිදුකළ අතර එහි ආරක්ෂාව තහවුරු කිරීම එහි අරමුණ ය.
350 total views, 2 views today