කුඹුරට කාබනික පොහොර සාදා ගන්නා ගොවීන්ට ආණ්ඩුවෙන් රු. 12 500ක්…!

July 13, 2021 at 1:10 pm | by emanisa.lk

තමන්ගේ වගා කටයුතු සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරගනු ලබන ගොවීන්ට හෙක්ටයාරයක් සඳහා රු. 12500ක දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම දීමනාව හෙක්ටයාර දෙකක් එනම් අක්කර 05 දක්වා වගා කරන ගොවීන්ට ලබා දීමට නියමිත ය.

2021-2022 මහ කන්නයේ හෙක්ටයාර ලක්ෂ 08ක් කාබනික වගා කටයුතු දියත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔස්සේ ප්‍රමිතිගත කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට සහ ඒ සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට ද මේ වන විටත් සැලසුම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *