කැලණියේ විරෝධතා කළ භික්ෂූන් ඇතුළු 06ක් අත්අඩංගුවට…!

February 20, 2023 at 11:34 am | by emanisa.lk

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ විසින් සංවිධානය කළ විරෝධතාවට එකතු වූ හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේලා සිව් දෙනෙකු සහ සිසුන් දෙදෙනකු වන බව පොලිසිය පවසයි.

මෙම විරෝධතාව ඊයේ (19) පස්වරුවේ විශ්වවිද්‍යාල පිවිසුමෙන් ආරම්භ වී කැලණිය නුවර ප්‍රධාන මාර්ගයට ප්‍රවිෂ්ට වීමෙන් අනතුරුව පොලිසිය ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හැරීමට කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *