කැලණියේ ජවිපෙ පෙරටුගාමී ගැටුමක්..! ගුටි කෑ ජවිපෙ 05ක් රෝහලට…!

November 4, 2022 at 10:00 am | by emanisa.lk

කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සිසුන් දෙපිරිසක් අතර මෙලෙස ගැටුම හට ගෙන ඇත.

දේශපාලන මතවාද මුල් කරගෙන මෙම ගැටුම හට ගෙන ඇති අතර සිසුන් 05 දෙනෙකු නේවාසිකාගාරයේ ප්‍රාණ ඇපයට ගෙන තිබේ.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මැදිහත්ව එම සිසු පිරිස නිදහස් කරගත් අතර ඔවුන් අනතුරුව හෝමාගම රෝහලට ඇතුළත්ව තිබේ.

ඒ අතරින් තිදෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *