කාබනික ගොවිතැන නිසා අස්වනු අඩු වුණේ නෑ..! සහල් පිට රටින් ගෙනාවේ කොමිස් ගහන්න…! – එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය….

September 20, 2022 at 7:32 am | by emanisa.lk

ලබන මස පළමුවැනිදා සිට සහල් කිලෝවකට සියයට දෙක හමාරක සමාජ ආරක්ෂණ බද්ද ගෙවීමට සිදුවී තිබෙන හෙයින් සහල් කිලෝවට අදාළ බදු මුදල එකතු කිරීමට සිදුවන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පවසයි.

සහල් කිලෝවට බදු මුදල එකතු නොකර සිටීමට නම් ගොවියාගෙන් මිල දී ගන්නා වී කිලෝවකින් අදාළ බදු මුදල අඩු කිරීමට සිදුවන බව ද ඔහු කීවේය. ලංකාව තුළ සහල් අතිරික්තයක් තිබිය දී පිටරටින් සහල් ආනයනය කෙරෙන බව ද ඔහු පැවසුවේය.
ඉන්දියාවෙන් ආනයනය කරන ලද සහල් අතරින් තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක පමණ තොගයක් දේශපාලනඥයින්ගේ හිතවත් වෙළෙඳුන් ගබඩා කරගෙන ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

ඉකුත් 2020/21 මහකන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන පහක් බවත්, වාර්තාගත අස්වැන්නක් එලෙස ලැබී තිබියදීත් සහල් ආනයනය කිරීමට කටයුතු කළ බවත්, සහල් ආනයනය සිදුකළේ කාබනික ගොවිතැන නිසා වී අස්වැන්නේ සිදු වූ අඩුවක් නිසා නොව කොමිස් හිඟයක් නිසා බවත් ඔහු කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *