කාණ්ඩ 07කට ගෙවන කතාවක් අපි දන්නේ නෑ…! රු. 5000 ගෙවන්නේ සමෘද්ධි ලාභීන්ට විතරයි…! – සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය

April 12, 2021 at 5:40 pm | by emanisa.lk

අලුත් අවුරුද්ද නිමිත්තෙන් රජයෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව සමෘද්ධිලාභී පවුල්වලට පමණක් ලබාදීමට කටයුතු කළ බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ පවසයි.

සමෘද්ධි පවුල්වලට අමතරව අඩු ආදායම්ලාභී, වැඩිහිටි දීමනා ලබන පවුල් ඇතුළු කාණ්ඩ 7කට අයත් අඩු ආදායම් ලාභීනට රුපියල් 5000 දීමනාව ලබාදෙන බව රජය ප්‍රකාශ කළ ද මුදල් ප්‍රතිපාදන සපයා ඇත්තේ සමෘද්ධිලාභී පවුල්වලට ගෙවීම සඳහා පමණක් බව ද ඔහු අනාවරණය කරයි.

සමෘද්ධිලාභී පවුල්වලට රුපියල් 5000 දීමනාව ගෙවීම ආරම්භ කළ බව ද චාමර මද්දුමකළුගේ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *