කළු වෙසක් කූඩු හැදූ කැන්ටීන් අසේලගෙන් නත්තලට සුබ පැතුම්..! විරෝධතා නෑ…!

December 26, 2022 at 5:20 pm | by emanisa.lk

සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් නත්තල් උළෙල වෙනුවෙන් කිතුනු බැතිමතුන්ට සුබ පතා තිබේ.

කෙසේ වුව ද පසුගිය වෙසක් කාලයේ කළු වෙසක් කූඩු දල්වා ආණ්ඩුවට විරෝධයට පාන ලෙස ඔහු මාධ්‍ය හමු තබමින් ප්‍රකාශ කළේය.

වෙසක් උළෙල ආණ්ඩු විරෝධය සඳහා භාවිත කරන ලෙස ඉල්ලා සිටි අසේල සම්පත් නත්තල සඳහා සුබ පැතීම බොහෝ පාර්ශ්වවල විමතියට හේතු වී ඇති අතර එය සමාජ මාධ්‍යවල සමච්චලයට උපහාසයට ලක්වෙමින් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *