කළු ජූලිය නැවත වටයකින් හිස ඔසවනවා….! එදා කළු ජූලිය ඇති කළේ හාමුදුරුවන්ගේ සහයෙන්…..! – සිරිතුංග ජයසූරිය…

July 24, 2021 at 9:21 am | by emanisa.lk

කළු ජූලිය අමතක කිරීමට හෝ කළු ජූලියක් නැවත ඇති වීමට හෝ ඉඩ දීමට නොහැකි බව එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය පවසයි.

1983 ජුලි 23 වන දා දෙමළ ජනතාව සංහාරය කරන කළු ජූලිය සිදුකළේ එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එජාප ආණ්ඩුවේ සහ කොළඹ කේන්ද්‍රීය භික්ෂූන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් බවට සිරිතුංග ජයසූරිය චෝදනා කරයි.

ඊට සමගාමීව වැලිකඩ බන්ධනාගාරයේ දී කුට්ටිමනී ඇතුළු දෙමළ සිරකරුවන් 53 දෙනෙකු ඇස් උගුල්ලා, දිව කපා, බඩවැල් එළියට ඇද ම්ලේච්ඡ ආකාරයට ඝාතනය කළ බව ද හෙතෙම සිහිපත් කරයි.

මෙම මහා ඛේදවාකය පිළිබඳ ඊට පසු කිසිදු පරීක්ෂණයක් තැබීමට හෝ කනගාටුව ප්‍රකාශ කිරීමට කටයුතු නොකළ බව ද ඔහු පෙන්වා දෙයි.

මේ වන විට කළු ජූලිය නැවත හිස ඔසවන බවත් කළු ජූලිය, ජාතිවාදය නැතිව මේ රටේ ධනපති පක්ෂවලට ආණ්ඩු පිහිටුවීමට හෝ පවත්වා ගෙන යාමට නොහැකි බව ද සිරිතුංග ජයසූරිය අවධාරණය කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *