කලකට පසු පෙට්‍රල් මිල පහළට…!

October 1, 2022 at 6:59 pm | by emanisa.lk

පෙට්‍රල් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් අඩු වෙයි.

මිල අඩු කිරීමත් සමග ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 410ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 510 ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ඩීසල් ඇතුළු සෙසු ඉන්ධනවල මිල එලෙසම පවතින බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ලංකා IOC සමාගම ද පෙට්‍රල් මිල සිපෙට්කො මිලට සමාන මුදලකින් පහත දමා තිබේ.

මේ වන විට ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 79ක පමණ අගයක පවතියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *