කබ්රාල්ගේ මන්ත්‍රී ධූරය සහ ඇමැති ධූරය කැටගොඩට…!

September 11, 2021 at 8:00 pm | by emanisa.lk

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම මන්ත්‍රී ධූරය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩට හිමිවෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජයන්ත කැටගොඩ පසුගිය දා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය. ඒ බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීම සඳහා ය.

අජිත් නිවාඩ් කබ්රාල් එළැඹෙන සඳුදා උදෑසන සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදීමට නියමිතය.

ජයන්ත කැටගොඩට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට අමතරව අජිත් නිවාඩ් කබ්රාල් දරන මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරය ද ජයන්ත කැටගොඩට හිමි වනු ඇතැයි ඇතැම් වාර්තා පළවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *