කපුටු කූඩුවේ බිත්තර දැම්මේ රනිල් නෙමෙයි සජිත්…! – ඩයනා…

September 1, 2022 at 3:42 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස තමාගේ කපුටු කූඩුවේ බිත්තර දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ පවසයි.

ඈ මේ බව ප්‍රකාශ කළේ ආචාර්ය හර්ෂ ද සිල්වා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

හර්ෂ ද සිල්වා පැවසුවේ රනිල් වික්‍රමසිංහ පොහොට්ටුව නම් කපුටු කූඩුවේ බිත්තර දමා ඇති බවයි.

මේ වන විට විපක්ෂ නායකතුමා තමාගේ කූඩුවේ බිත්තර දැමීම නිසා තමන් ද අපහසුතාවට පත්ව ඇති බවත් එහෙයින් එය නැවත ප්‍රකාශ නොකරන ලෙසත් ඩයනා ගමගේ අවධාරණය කළාය.

සමගි ජන බලවේග පක්ෂයේ අයිතිය ඩයනා ගමගේ සතු වන බව ප්‍රකාශ කරන අතර මේ විට එය අධිකරණය හමුවට යොමු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *