කතරගම පූජා වට්ටිවල පළතුරු මිනිස් පරිභෝජනයට සුදුසු නෑ…! – ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි..

November 9, 2023 at 7:34 pm | by emanisa.lk

කතරගම පූජා නගරයෙන් මිල දී ගෙන දේවාලවලට පූජා කරන පූජා වට්ටිවල පලතුරු ආහාරයට ගැනීමට සුදුසු මට්ටමක නොපවතින බව කතරගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය අජිත් කුමාර ප්‍රකාශ කරයි.

“බැතිමතුන් ඉතාමත් භක්තියෙන් පලතුරු පූජාව සඳහා මේ පලතුරු කඩවලින් පලතුරු වට්ටි ගන්නවා. ගෙනිහින් පූජා කරල ආපසු දෙන පලතුරු ආහාරයට ගන්න හැදුවත් ඒවා එහෙම ආහාරයට ගත හැකි මට්ටමක නෑ.

හෝමෝන ගහල ඉදවපුව, එහෙම නැත්නම් විවිධ රසායනික ගහල ඉදවපුව මේකෙ තියෙනවා. බැලූ බැල්මට හඳුනා ගන්නත් අමාරුයි. මම මේ කියන්නේ හැම පූජා වට්ටියක් ම නොවෙන්න පුළුවන්. ඒත් බහුතරයක තත්ත්වය මේකයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *