“ඕකව ඉවර කරපන්!” කියලා අපේ තාත්තා මරන්න දුමින්දට ලයිසන් දුන්නේ ගෝඨා! ඒක මම කිසි බයක් නැතිව කියනවා!- හිරුණිකා

September 15, 2019 at 9:48 pm | by emanisa.lk

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වන සියා පියා මරා දැමීමට දුමින්ද සිල්වාට නියෝග කළේ එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවත් එය ප්‍රකාශ කිරීමට තමා කිසිදා බිය නොවන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

ගෝඨාභය රාජපක්ෂ සුදු වෑන් යොදා ගෙන ඝාතන රැල්ලක් දියත් කළ බවත් මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ පිරිසක් එහි ගොදුරු වූ බවත් තමා එහි ප්‍රබල වින්දිතයකු බවත් ඇය අවධාරණය කළාය.

වර්තමානයේ සිටින තරුණයන් එදා පාසල් යන කුඩා ළමුන් බවත් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දීම සඳහා ඔවුන් සූදානමින් සිටින්නේ ඒ අතීතය නොදත් නිසා බවත් ඇය සඳහන් කළාය.

කලක සිට පැවති දේශපාලන කෝන්තරයක ප්‍රතිඵලය ලෙස දුමින්ද සිල්වා සමග ඇති කරගත් ගැටුමකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මිය යන විට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වෘත්තීය සමිති උපදේශක ලෙස කටයුතු කරමින් සිටියේය.

කෙසේ වුවද කළු ඩිපෙන්ඩරයකින් පුද්ගලයකු පැහැර ගෙන ගොස් පහර දී තර්ජනය කළේ යැයි හිරුණිකාට විරුද්ධව මේ වන විටත් අධිකරණයේ නඩුවක් විභාග වෙයි.

අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස