එන්නත් ගැන තරුණයින් අතර විපක්ෂය බොරු පතුරුවනවා… !

October 3, 2021 at 1:43 pm | by emanisa.lk

තරුණ කණ්ඩායම් එන්නත් ලබා ගැනීමෙන් වැළැක්වීමට විපක්ෂය විසින් කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයි රාජ්‍ය ඇමැති චන්න ජයසුමන පවසයි.

විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සමීපතමියින් සමාජ මාධ්‍ය ඔස්සේ තරුණ තරුණියන්ට එන්නත් ලබා ගැනීමෙන් වළකින ලෙස ප්‍රචාරයක් දියත් කර ඇතැයි ද ඔහු චෝදනා කරයි.

මෙම ප්‍රචාරවලට රැවටුණු පිරිසක් එන්නත් ලබා ගැනීමෙන් වැළකී ඇතැයි ද ඇමැතිවරා සඳහන් කරයි.

එම අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී කොවිඩ් මර්දන එන්නත් ලබා ගෙන ආරක්ෂාව තහවුරු කර ගන්නැයි චන්න ජයසුමන වයස අවු. 20-30 කාණ්ඩයේ තරුණයින්ගෙන් ඉල්ලා සිටියි.

එන්නත නිසා කිසිදු අතුරු ආබාධයක් මතු වන බවක් මෙතෙක් කිසිවෙකු පෙන්වා දී නොමැති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *