එන්නත් ආනයනයට පෞද්ගලික අංශයට අවසර දීමේ වරදක් නෑ…! – උපුල් රෝහණ…

March 18, 2021 at 11:28 am | by emanisa.lk

පෞද්ගලික අංශයට ද කොවිඩ් එන්නත් ආනයනය සඳහා අවසර ලබාදිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ලංකාවේ කොවිඩ් ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් කර්මාන්තශාලා සහ අනෙකුත් වැඩබිම් ආශ්‍රිතන වාර්තා වන බව ද ඔහු පෙන්වා දෙයි.

එන්නත් ලබාදීමේ දී මීළඟට ප්‍රමුඛතාව දිය යුත්තේ වැඩකරන ජනතාවට බවත් ඒ අවශ්‍යතාව සැපයීම සඳහා රජයට මේ මොහොතේ ඉඩකඩ නැත්නම් මේ එන්නත් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවශ්‍ය අනුමැතිය ලබාදිය යුතු බවත් උපුල් රෝහණ අවධාරණය කරයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව සෞඛ්‍ය අංශවලින් එන්නත් ලබාගන්නා පදනම මත ලංකාව තුළට පෞද්ගලික අංශයට එන්නත් ගෙන්වීමට අවසර ලබාදීමේ ගැටලුවක් නැති බව ද ඔහු පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *