පරිණත රනිල් ගැන මට ලොකු ගෞරවයක් තියෙනවා….! යූඇන්පිය ඕන නෑ කියල හිතනව නම් ඒක මෝඩකමක්…! – හරීන්…

June 10, 2021 at 9:09 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ මන්ත්‍රී පිරිස එක්ව සජිත් ප්‍රේමදාසට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීම මෝඩ අනවශ්‍ය ක්‍රියාවක් බව එම පක්ෂයේ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

මෙවැනි ක්‍රියාවක් මගින් පක්ෂය තුළ ගැටුම් ඇතැයි අනවශ්‍ය කතාවක් නිර්මාණය කිරීමට උවමනා වූයේ කාටදැයි සොයා බැලිය යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

“අපේ පක්ෂයේ කවුරුවත් රනිල් එක්ක එකතු වෙයි කියල මං හිතන්නේ නෑ. නමුත් රනිල් වික්‍රමසිංහ කියන්නෙ දේශපාලනයෙන් පරිණත බුද්ධිමත් පුද්ගලයෙක්. අලුත් දේශපාලන පක්ෂයක් නිර්මාණය කරලා ආපහු එතුමා ගාවට පැනලා යන්න තරම් පිස්සුවක් තියෙන මිනිස්සු සමගි ජන බලවේගයේ ඇති කියලාමං හිතන්නෑ.

හැබැයි මේ වෙලාවෙ සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් සියලු පක්ෂත් එකතු වෙන්න ඕනෙ විපක්ෂයක් හැටියට. එහෙම නැතුව ආණ්ඩු පෙරළන්න බෑ. සජබ අපි හිතනවා නම් යූඑන්පීය ඕනෙ නෑ කියලා ඒකත් මෝඩකමක්. ඒ වගේ ම යූඑන්පීය හිතනවා නම් සජබ ඕනෙ නෑ කියලා ඒකත් මෝඩකමක්. මේ රටේ මේ ආණ්ඩුව ඇත්තට ම දැන් පරාජය වෙලා තියෙන්නෙ. ඒක පරාජය කරලා ජනතාවට සාධාරණයක් කරන්න නම් අපි විපක්ෂයක් හැටියට එක තැනකට එකතුවෙන්න ඕනෙ.

මං රනිල් එක්ක යනවා කියන කතාව පට්ටපල් බොරුවක්. රනිල් වික්‍රමසිංහට ලොකු ගරු කිරීමක් තියෙනවා මගේ. මට දේශපාලනයට එන්න ආරාධනා කරලා, මාව කැබිනට් ඇමති කෙනෙක් කරලා, මහ ඇමති කෙනෙක් වෙලා ඒ සියලු දේ සිදුවුණේ එතුමාගෙ කාලවකවානුව තුළ. මට එතුමාත් එක්ක කිසිම අර්බුදයක් නෑ. මම එතුමා දකින තැන කතා කරනවා, සම්බන්ධයෙන් ඉන්නවා. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ මම දේශපාලන වශයෙන් සජිත් ප්‍රේමදාස විරෝධියෙක් කියලා. මං එහෙම කෙනෙක් නෙවෙයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස