එක් පළාතක් වෙනුවෙන් ව්‍යවස්ථා එපා! ඉන් රටේ සංහිඳියාව නැතවෙනවා! – අගරදගුරු මැල්කම් රංජිත් හිමි

January 27, 2019 at 1:34 am | by admin

එක පළාතක් වෙනුවෙන් ව්‍යවස්ථාවක් ගෙන ඒමට ක‍්‍රියා කිරීමෙන් මුළු රටම ව්‍යාකූල වන බව අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ කියා සිටිති.

මේ අවස්ථාවේ මෙවන් ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැති බව උන්වහන්සේ අවධාරණයෙන් ප‍්‍රකාශ කර ඇත්තේ ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් සමග පැවැත් වූ සාකච්ඡාවකදීය.

උන්වහන්සේ වැඩි දුරටත් පවසා ඇත්තේ එවන් ව්‍යවස්ථාවක් තුළින් රටේ සංහිඳියාව සහ සහජීවනය කඩාකප්පල් වන බවයි.

මේ ව්‍යවස්ථාව අනික් පළාත් ඉල්ලන්නේ නැහැ. එසේ නම් එක පළාතක් වෙනුවෙන් කඩිමුඩියේ ව්‍යවස්ථාවක් ගෙන එන්නේ කුමකට දැයි අගරදගුරු හිමිපාණෝ ප්‍රශ්න කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස