දේශීය ටයර් ජාත්‍යන්තරය දිනයි…! එංගලන්තේ පාපැදියටත් Made in Sri Lanka ටයර්…!

March 9, 2021 at 10:52 pm | by emanisa.lk

සමාජමාධ්‍ය ජාලාවල හුවමාරු වන පුවතක් පහත දැක්වෙයි.

“අද ඔක්ස්ෆර්ඩ් නගරයෙම බයිසිකල් කඩේකට ගොඩ වුණේ බෝලෙකට හුළං ගහන පොඩි කටුවක් ගන්න.

ඒ ගමන් බයිසිකල් ටිකක් බැලුවා. දැකපු දෙයින් සතුටක් ලැබුණා.

ඒ බයිසිකල්වල ටයර් Made in Sri Lanka. DSI.

ගෝලීය වෙළෙඳ පොළේ චීන, ඉන්දියානු, මැලෙසියානු, තායිලන්ත නිෂ්පාදන අතර අපිට තරඟ කරන්න පුළුවන් කියන්න මේක හොඳ උදාහරණයක්.

අපිට අයිති පුංචි කොටස අපි හරියට කළොත්, බෑ බෑ කියලා නෑ මේක ගොඩ දාන්න පුළුවන්!!

Made in Sri Lanka ලෝකයේ බහුලව දැකීමට හැකි දවසක අපි සමෘද්ධිමත් වෙලා තියේවී.

මේක කරන්න පුළුවන් !
ජය!!!

පැතුම් කර්නර්”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *