ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක නම් පොලිස් භාරයේ සිටි සැකකරුවන් ආණ්ඩුව වෙඩි තබා මරා දැමූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ආයුධ පෙන්වන්න ගොස් පොලිසියට වෙඩි තැබීමට උත්සාහ කරන විට වෙඩි තැබුවේ යැයි කියන සුපුරුදු නාට්‍ය පිටපත පොලිසිය පවා හෑල්ලුවට ලක්කරන බව ඔහු සඳහන් කරයි.
පාතාලකාරයින්ගෙන් වැඩ ගෙන ඔවුන් තමන්ට එරෙහි වන විට ඔවුන් මරා දැමීමට ආණ්ඩුව කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කරයි.
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇත්තේ ආණ්ඩුවට විරුද්ධ පාතාලකාරයින් මරා දමන අතර තමන්ට පක්ෂ පාතාලකාරයින් රැක ගැනීම බවට ද ටිල්වින් සිල්වා චෝදනා කළේ ය.
අද (16) මාධ්‍ය හමුවක් අමතමින් ටිල්වින් සිල්වා මේ බව ප්‍රකාශ කළේ ය.