පසුගියදා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා අතර ගැටුමක් ඇති වී තිබේ.
නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ පැවැති පොදුජන පෙරමුණු මන්ත්‍රී හමුවෙන් අනතුරුව එළියට පැමිණි ප්‍රසන්න රණතුංග මහතා එහි උදයංග වීරතුංග මහතා සිටිනු දැක දැඩි ලෙස දොස් පවරා තිබේ.
“මෙයා තමයි, මහින්ද මහත්තයාට කෙළවන්නේ. මයික් එකක් දැක්ක ම වාචාලකමට කියවන ගොංතඩියා. අපි පොහොට්ටුව හදන කොට මුං ලංකාවෙත් නෑ. බයේ හැංගිලා හිටියේ. එනවා මෙතන අපට දේශපාලනේ කරන හැටි උගන්වන්න.”
මෙම දැඩි ප්‍රහාරය හමුවේ උදයංග, “සමාවෙන්න ඇමැතිතුමා” යැයි පවසා ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රසන්න මෙලෙස පවසා තිබේ.
“උඹ සමාව ඉල්ලන්න ඕන මගෙන් නෙමෙයි, අර ඇතුළේ ඉන්න මහින්ද මහත්තයාගෙන්. උඹේ ඔය වාචාලකම නිසා ඒ මනුස්සයාට තමයි, පාරේ බැහැලා යන්න බැරි වෙන්නේ. මම ඉවසන් හිටියේ උඹ මූණට ම මුලිච්චි වෙනකල්.”