උනුත් එකයි මුනුත් එකයි.. රට විකුණනවා..! ඡන්දයක් තිබ්බොත් අප්පලා පුතාලට ලේසි නෑ…! – BBS….

October 6, 2021 at 8:47 am | by emanisa.lk

ඉකුත් ආණ්ඩුව රටේ දේපොළ විකිණූ බවත්, එසේ නොකරන බවට පොරොන්දු දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුවද රටේ දේපොළ විකුණමින් සිටින බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

වර්තමාන ආණ්ඩුව සහ පසුගිය ආණ්ඩුව ද අතර කිසිම වෙනසක් නැතැයි ද උනුත් මෙකයි මුනුත් එකයි කියා ද එහිමියෝ පැවසූහ.

රට රැක ගැනීම සඳහා මෙවර කිසිදා ඡන්දය භාවිත නොකළ ආරණ්‍යවාසී යෝගාවචාර භික්ෂූන් වහන්සේලා පවා ඡන්දය ප්‍රකාශ කළ බව ද ඥානසාර හිමි ප්‍රකාශ කළේ ය.

දැන් මැතිවරණයක් පැවැත්වුවහොත් තත්ත්වය බලා ගත හැකි බව කී උන්වහන්සේ මෙවර අප්පලා පුතාලාට ලේසි නොවන බව ද කියා සිටියේය.

වර්තමාන ආණ්ඩුව විකුණනවා යැයි පසුගිය යූඇන්පී ආණ්ඩුවේ සිටි පිරිස කෑ ගැසුව ද ඔවුන් ද බලයේ සිටින තුරු කළේ එය ම බවත් අවාසනාවට නැවත මෙම එක ම පිරිසට මිස තමන්ට බලය ලබා නොදෙන බව ද ඥානසාර හිමි පෙන්වා දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *