උදාගමක නාම පුවරුවකට ලක්ෂ තුනක් ගියත් මොකද? – ඇමති සජිත්

February 17, 2019 at 3:54 pm | by admin

ඓතිහාසික පුද්ගලයන් නමින් උදාගම් නම් කිරීමේ දී විවෘත කිරීමේ සමරු ඵලකය පිළිබඳ ඇතැම් කඩාකප්පල්කාරීන් කතා කරන්නේ යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පළ කළේ මොනරාගල, සෙවනගල, නුගේගලයාය ඉදිවූ ‘මිණිපහන්ගම’ උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට (16) දින සහභාගී වෙමිනි.

කඩාකප්පල්කාරීන් උදා ගම්මානවල විවෘත කිරීමේ පලකයට යන වියදම පිළිබඳව කතා කළත්, මෙම එක් පලකයක්වත් තම නමින් හෝ තම පියා නමින් ඉදිකර නොමැති බව ඇමතිවරයා පෙන්වා දෙයි. ඒවා ඉදිකර තිබෙන්නේ මෙරට ඓතිහාසික පුද්ගලයන්ගේ නම්වලින් නිසා එවැනි පලකයකට රුපියල් ලක්ෂ 3 මුදලක් වැය වුවත් එය අසාධාරණයක්දැයි ඇමතිවරයා ප්‍රශ්න කළේය.

කෙසේ වුවද මෙම සමරු ඵලකයක් සඳහා ලක්ෂ තුනක් වැය වන්නේ යැයි පැවසීම අසත්‍යයක් බව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පසුගිය සමයේ දිගින් දිගටම ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස