උද්ඝෝෂණවලට වඩා අධි ආරක්ෂාව අහිතකරයි..! ජනපතිට විශේෂඥ උපදෙස් ලැබේ..! අධි ආරක්ෂිත කලාප ඉවතට..!

September 28, 2022 at 1:57 pm | by emanisa.lk

කොළඹ නගරයේ විශේෂ මර්මස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කිරීම පිළිබඳ අවධානය යොමුව තිබේ.

ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපතිවරයා නීතිපතිවරයා වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් විසින් ඉදිරිපත් කළ කරුණු හා නිර්දේශයන් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා අදාල ගැසට් පත්‍රය නිකුත් කළේය.

නමුත් මෙම ගැසට් පත්‍රය හේතුවෙන් කොළඹ නගරයේ කේන්ද්‍රීය ආර්ථික කලාපයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවට ආර්ථික විශේෂඥයින් කණ්ඩායමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකර තිබේ.

කොළඹ නගරයේ වරින් වර ඇති වන උද්ඝෝෂණ නිසා ආර්ථිකමය වශයෙන් සිදුවන හානිය ඉතා ඉහළ නමුත් මෙම අධි ආරක්ෂිත කලාප නිසා වෙනත් ගැටලු ඇති විය හැකි බවත් එම විශේෂඥ කණ්ඩායම පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *