උතුරු මුහුදින් කේරළ ගංජා කිලෝ 245ක් අල්ලයි!

May 25, 2019 at 12:31 pm | by admin

උතුරු මුහුදේ වෙත්තලකර්නි ප්‍රදේශයට ඔබ්බෙන් ඩිංගි යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ 245ක් නාවික හමුදාව අද (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගංජා තොගය සමග පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් අතර එම ගංජා තොගය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සාහ කළේ යැයි සැක කෙරෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *