උතුරු නැගෙනහිර දෙමළ නිජබිමේ සිංහලයින් බලෙන් පදිංචි කරවලා…! – ශානක්කියන්…!

February 7, 2023 at 11:56 am | by emanisa.lk

මෙරට දෙමළ ජනතාවට හිමි ස්වයං තීරණ අයිතිය දිගින් දිගට ම ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, ජාත්‍යන්තර ස්වයං තීරණ අයිතිය දිනා ගැනීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්‍යන් පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ජාතික නිදහස් දින සැමරුමට විරෝධය පළ කරමින් මඩකළපුව කල්ලඩි පාලම අසලදී පැවති විරෝධතාවට එක්වෙමිනි.

“බ්‍රිතාන්‍යයන් දෙමළ ජනතාවගේ ඉරණම සිංහල ජනතාව වෙත බාර දී ගිය දිනේ සිට මේ දක්වා දෙමළ ජනතාවට බොහෝ දුෂ්කරතාවලට මුහුණදීමට සිදු වුණා. අපගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් කතා පැවැත්වීම් සිදු කර කර සිටීම නවතා ඒවා දිනා ගැනීම වෙනුවෙන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණවීමේ කාලය එළැඹ තිබෙනවා.

සිංහල පමණක් නීතිය ගෙන ආ අවස්ථාවේ බුද්ධිමත් දෙමළ තරුණ තරුණියන් මෙන්ම බොහෝ උගතුන් මේ රට හැර ගියා. ඇත්ත එයයි. වර්තමානයේ දකුණේ බොහෝ උගතුන් බුද්ධිමතුන් මේ රට හැර යනවා. අද මේ රටේ ජනතාව හඬ නඟන්නේ ඒ වෙනුවෙන්.

අද මේ රටේ ජනතාවගේ ආර්ථික නිදහස අහිමි වී තිබෙනවා. නමුත් දෙමළ ජනතාවගේ ආර්ථික මෙන්ම දේශපාලන නිදහසත් අහිමිව තිබෙනවා. එවා ප්‍රතික්ෂේප කරමින් තිබෙනවා.

වතුකරයේ දෙමළ ජනතාව මේ රටේ ආර්ථිකය වෙනුවෙන් විශාල කැපවීමක් කරන ජන කොට්ඨාසක්. ඔවුන්ගේ පුරවැසි අයිතිය පවා අහිමි කළ කාලයක් තිබුණා. නමුත් තවමත් ඒ ජනතාව රටේ ආර්ථිකය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරමින් සිටිනවා.

උතුරු නැගෙනහිර පළාත් ජනතාවගේ ඉඩම් රැසක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන එම ඉඩම් සිංහල ජනතාව වෙත බෙදා දී තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *