උත්තර ලංකා සභාගයට නුවරරඑළියේ දී ප්‍රහාරයක්…!

November 27, 2022 at 6:59 pm | by emanisa.lk

උත්තර ලංකා සභාගයේ නුවරඑළිය සමුළුව වෙනුවෙන් හඟුරන්කෙත සංස්කෘතික ශාලාව සකස් කර තිබූ වේදිකාවට සහ සැරසිවලට කිසියම් පිරිසක් ඊයේ (26) රාත්‍රී හානිකර තිබේ.

එහි දී කිසියම් පිරිසක් රැස්වීම සඳහා සකස් කර තිබූ පුවරු සහ සැරසිලි කඩා බිඳ දමා පුටු පෙරළා ඇත.

කෙසේ වුවද ඒවා නැවත සකස් කර රැස්වීම නියමිත පරිදි පැවැත්වීමට කටයුතු කළ බව වාර්තා වෙයි.

විමල් වීරවංශ ප්‍රමුඛ උත්තර ලංකා සභාගයේ රැස්වීම්වලට මෙයට පෙර ද බාධාකිරීම් සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *