ඊබ්‍රාහිම් පවුලේ කෝටි 100ක දේපළ රාජ සන්තකයි….! ඊබ්‍රාහිම්ලගේ සුපිරි නිවසට හොර ඔප්පු හැදූ කල්ලියක් අත්අඩංගුවට…!

April 17, 2021 at 2:30 pm | by emanisa.lk

පාස්කු ප‍්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනකුගේ හා ඔවුන්ගේ පියා වූ කෝටිපති ව්‍යාපාරික ඊබ‍්‍රාහිම්ගේ සියලු දේපළ, වත්කම් සහ යාන වාහන තහනම් කිරීමට රජය තීරණය කර ඇත.

මොවුන්ගේ වත්කම් රුපියල් කෝටි 100 කට අධික බව හෙළි වී තිබේ.

අක්කර ගණනක ගම්මිරිස් වතු හා ව්‍යාපාර 20 කට අධික සංඛ්‍යාවක් ඊබ‍්‍රාහිම් පවුල සතුව ඇතැයි රජය සොයාගෙන ඇත.

රජය මොවුන්ගේ දේපළ රාජසන්තක කිරීමේ තීරණය ගැනීමට පෙර ඔවුන් සතු සුපිරි නිවසක් ව්‍යාජ ඔප්පු මත අන්සතු කර ගැනීමට කටයුතු කළ පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *