ඉල්ලුවේ පුටිං කෙනෙක්.. ලැබුණේ හිටං කෙනෙක්…! අපට වැරදුණා..! අලුත් පාලනයක් ගේන්න වැඩ කරනවා…! – මාගල්කන්දේ සුදත්ත හිමි….

December 30, 2020 at 8:02 am | by emanisa.lk

තමන් රාජ්‍ය නායකත්වයට බලාපොරොත්තු වූයේ පුටිං කෙනෙක් වුවත් ලැබුණේ හිටං කෙනෙකු බව මාගල්කන්දේ සුදත්ත හිමි පවසයි.

වර්තමාන නායකත්වය පත්කිරීමට මැදිහත්වීම පිළිබඳ තමන් වහන්සේලා කටයුතු කරන බවත් අවුරුදු 4ක් ගතවන අපේක්ෂා ඉටු නොකරන්නේ නම් අලුත් නායකයෙක් සෙවීමට කටයුතු කරන බවත් එහිමියෝ පවසති.

මේ රටේ මුස්ලිම් අන්තවාදයට වගකිව යුත්තේ දේශපාලකයින් බවත් මේ වන විට නැවත මාවනැල්ලේ බුදු පිළිමවලට පහර දෙමින් එවැනි අන්තවාදයක් ඉස්මතු වන ලකුණු පහළ වී ඇති බවත් සුදත්ත හිමි අනාවරණය කරයි.

තමන් මේ වන විට සිටින්නේ කලකිරීමෙන් බවත් රට හැර යන බවත් එහිමියෝ ප්‍රකාශ කළහ.

අන්තර්ජාල නාළිකාවක් සමග පැවති සාකච්ඡාවක දී උන් වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස