ඉන්ධන මිල 20%කින් පහළට…!

March 23, 2023 at 11:17 am | by emanisa.lk

ඉදිරි සති කිහිපය ඇතුළත ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල විශාල ප්‍රතිශතයකින් පහළ යනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා වැඩි දුරටත් පවසන්නේ මෙලෙස විශාල ප්‍රතිශතයකින් එක් වර ඉන්ධන මිල පහළ යාම හේතුවෙන් ලොවපුරා ජනතාවට ඉන් විශාල සහනයක් ඇති වනු ඇති බවය. ඒ අනුව ඉන්ධන මිල 20% ක ප්‍රතිශතයකින් පහළ යනු ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

පසුගිය සතිය වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 67 කට ආසන්න අගයක් දක්වා පහළ වැටී තිබූ අතර 2021 වසර වන විට ඩොලර් 100ක් දක්වා ඉහළ ගොස් තිබූ බොරතෙල් බැරලයක මිල මේ තරම් අගයකින් පහත වැටී තිබුණේ ද මුල් වරටය.

රුසියා-යුක්‍රේන යුද්ධය ඇරඹීමෙන් පසු මෙවැනි අගයකින් බොරතෙල් මිල පහළ යන්නේ ප්‍රථම වරටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *