ඉන්දියාව කියන්නේ ජාත්‍යන්රේ ද…! යොහානිට සිංදු කියන්න බෑ…! මැණිකේ සිංදුවේ කිසි රසයක් නෑ..! – ප්‍රවීණ සංගීතඥ චිත්‍රාල් සෝමපාල…

February 1, 2023 at 1:40 pm | by emanisa.lk

ඉන්දියාවේ ගීතයක් ජනප්‍රිය වීම ඇතැමුන් ජාත්‍යන්තරයට යාමක් ලෙස විශ්වාස කරන බව ප්‍රවීණ ගායක චිත්‍රාල් සෝමපාල පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, යොහානි ද සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රිය වීම පිළිබඳ අදහස් ප්‍රකාශ කරමිනි.

චිත්‍රාල් පෙන්වා දෙන යමක් කිරීමේ දී ඒ පිිළිබඳ ඉගෙන ගෙන ගත යුතු බවත් යොහානි එහි දී සීමා වන බවයි.

“ප්‍රවීණ සංගීතඥයෙක් වශයෙන් මම කියන්නේ එයා ලිමිටඩ් එතන. එක අතකින් පව් එයා. ඒ සිංදුව වෙනස්. මම ඒක ක්‍රිටිසයිස් කරනවා නෙමෙයි. නමුත් ක්‍රිටිසයිස් කරන්න පුළුවන් තැනක මම ඉන්නේ. මම කැමති නම් කැමතියි කියනවා.

අකමැති නම් අකමැතියි කියනවා. සමහරු හිතනවා මම ඊර්ෂ්‍යයායි කියලා. යොහානිගේ මැණිකේ මගේ හිතේ සිංදුව මම රස වින්දේ නැහැ.”

රූපවාහිනි වැඩසටහනකට එකතු වෙමින් චිත්‍රාල් සෝමපාල මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *