ඇමැති බැසිල් සමඟ ක්‍රමවත් වැඩපිළිවෙළකට ගමනක් යන්න සූදානම්….! – විමල්…

July 17, 2021 at 8:10 am | by emanisa.lk

ඕනෑම පුද්ගලයෙක් සමඟ ක්‍රමවත්ව පිළිවෙළකට ගමනක් යා හැකි නම් එම ගමන යාමට සූදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කරයි.

නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමඟ ක්‍රමවත්ව පිළිවෙළකට ගමනක් යා හැකි දැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමක් ඇතැයි පැතිරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යයක් නොමැති බව ද ඔහු අවධාරණය කළේ ය.

ඇමැති වීරවංශ කහටගහ මිනිරන් පතල නිරීක්ෂණ චාරිකාවකට ගිය අවස්ථාවේ දී මෙසේ මාධ්‍යයට ප්‍රතිචාර දැක්විය.

https://www.facebook.com/watch/?v=1243930469395887&t=11

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *