ඇමතිනි තලතා හිතා ඉන්නේ පාස්කු දවසේ මරාගෙන මැරුණේ හාමුදුරුවරු කියලා! සහරාන් වීරයාගේ පිළිමය හදන්නත් ආණ්ඩුව පනතක් සම්මත කරලා!

May 21, 2019 at 7:57 am | by admin

මුස්ලිම් අන්තවාදීන් ළඟ තිබී සිවුරු සිය ගණනින් අත්අඩංගුවට පත් වන අතර සිවුරු පොරවා ගත් මුස්ලිම් ජාතිකයන් මතුවන පසුබිමක ගැටුමක් අසල සිටින සිවුරක් පොරවා ගත් පුද්ගලයකු භික්ෂූන් වහන්සේ නමක් යැයි ඇමතිනි තලතා අතුකෝරල හරියට පවසන්නේ කෙසේ දැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විමසයි.

වෙසක් පෝය දිනයේ දී අධිකරණ ඇමතිනිය අපූරු ප්‍රකාශයක් කළා. ඒ තමයි සමහර භික්ෂුන් වහන්සේලා බුදුන් දේශනා කළ ර්ධමයට පිටින් ගිහින් අනුන් විනාශ කිරීමට පෙළෙඹෙනවා කියා එතුමිය කිව්වා. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට භික්ෂුන් වහන්සේලා ගිය බව අපට නම් ආරංචි වුණේ නෑ. පන්සල් ඇතුලේ පුපුරණ ද්‍රව්‍ය එක් රැස් කළා කියලා පත්තරයකවත් තිබුණේ නෑ.

ඒ නිසා මහ සංඝරත්නයට අපහාස නොකර අනුන් විනාශ කළ සමහර භික්ෂුන් වහන්සේලා කවුදැයි එතුමිය දැන් රටට කිව යුතුයි. එහෙම නැත්නම් එතුමිය වෙසක් පුන් පොහොය දිනම මහා සංඝරත්නයට අපහාස කළා වෙනවා. ඒ වගේම සිවුරු සිය ගණනින් මුස්ලිම් අන්තවාදින් සතුව තිබිය දී සිවුරු පොරවා ගත් මුස්ලිම්වරුන් අත්අඩංගුවට පත් වෙද්දී යම් පහර දීමක සිවුරු දරා ගත් අයෙකු දුටු පමණින් ඒ භික්ෂුන් වහන්සේ නමක් කියා තීරණය කලේ කොහොමද කියා අපට කියන්න ඕනේ?

ඒ වගේම භික්ෂු විනය ගැන වෙසක් අනුශාසනා පවත්වන්න එතුමිය කවුද? විසාකා මහ උපාසකාවිය තබා භික්ෂුණි සසුන ඇරඹූ බුදුන් වහන්සේගේ සුළු මව් ප්‍රජාපති ගෝතමියවත් භික්ෂු විනය ගැන කතා කළේ නෑ. මංගල ඇමතිතුමා වගේ ඔබතුමියත් ඇමෙරිකාවෙන් ඔළුව හෝදා ගෙන කියාලයි අපට නම් හිතෙන්නේ. වෙසක් පෝය දවසේ මෙහෙම ප්‍රකාශයක් කළාම බෞද්ධයින්ගේ සිත රිදෙන බව ඔබතුමියට සිහිපත් වුණේ නැද්ද?

මංගල ඇමතිතුමාට වගේම තලතා ඇමතිතුමියටත් ඕනෑ රට ගිනි තියලා විදේශ හමුදා ගොඩ බස්සා ගන්නයි. අගමැතිතුමන්ගේ සිහින සැබෑ කරන්න. ඒ නිසා තමයි රට ගිනි ගන්නා ප්‍රකාශ කරන්නේ. ඒ අතරේ එක්සත් ජාතින්ගේ ආර් ටු පි නැතිනම් ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ විශේෂ උපදේශිකා කැරන් ස්මිත් ලංකාවේ බෞද්ධයින් මුස්ලිම් සහ ක්‍රිස්තියානි සුළුතරයට හිංසා කරනවා කියා ප්‍රකාශ නිකුත් කරනවා. සුළු ජන කොටස් ආරක්ෂා කිරීමට හමුදා ගොඩ බැස්ස විය යුතු රටවල් තීරණය කිරීම තමයි කැරන් නෝනාගේ වගකීම.

බෞද්ධයන්ගෙන් අන් අය බේරා ගන්න ලංකාවට හමුදාවක් යැව්වොත් හොඳයි වගේ කියලා කැරන් නෝනා හිතන කොටම “මෙන්න හාමුදුරුවරු අනුන් විනාශ කරනවෝ” කියලා තලතා නෝනා කෑගහනවා. එහෙම නම් තලතා ඇමතිතුමිය මේ ඉටු කරන්නේ ඇමෙරිකාවේ කොන්ත්‍රාත්තුවක් නොවේ ද? එක්සත් ජාතීන්ගේ උවමනාව නොවෙයිද?

ජාතියේ වාසනාවට අපේ රටේ ජනතාව මේ උගුලට අසු වුණේ නෑ. දිගන සිද්ධියේ දී වගේම වයඹ සහ මිනුවන්ගොඩත් පහරදීම් කරලා තිබෙන්නේ මුහුණු බැඳගෙන මෝටර් සයිකල්වලින් ආපු පිටස්තරයින්. ඒ අය කිසි කරදරයක් නැතුව කඩ ගිනි තියලා පැනලා ගියාට පස්සේ පොලිසිය ගමේ ඉන්නා අහිංසකයින් අල්ලා ගෙන හිරේ දානවා. මිනුවන්ගොඩ පන්සලක රැස් වුණු දායක සභාවම කට උත්තරයක් ගන්න කියලා පොලිසියට ගෙන්නා ගෙන හිරේ දැම්මා.

ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්ති පනත යටතේ ඉදිරිපත් කළාම මහේස්ත්‍රාත්වරයෙකුට කෙතරම් අසාධාරණ ඉදිරිපත් කිරීමක් ලෙසින් පෙනුනත් ඇප දෙන්න බැහැ. ඇප ලබා ගත හැක්කේ ඊට සුවිශේෂී හේතුවක් දැක්වීමෙන් පමණයි. එවැනි බරපතළ නීතියක් යටතේ පොලිසිය අහිංසකයෝ ටික ඉදිරිපත් කරලා අත පිහදාගෙන ඉන්නවා ඔන්න අපි අපරාධකරුවන් ඇල්ලුවා කියමින්. අහිංසක ජනතාව දිගන දී වගේම හිරකූඩුවලට ගාල් කරණ අතරේ අනික් පසින් ආණ්ඩුව විපක්ෂයට ඇඟිල්ල දිගු කරමින් සිටිනවා.

දිගන සිද්ධියට අද වෙන තුරු කිසිවෙකුට නඩු දාලා නෑ. නඩු දාල නෑ නෙමෙයි නඩු දාන්න බෑ. ඇයි? ඇත්ත අපරාධකරුවන්ට පැනලා යන්න ඉඩ දීලා අල්ලා ගත්තේ කිසි සම්බන්ධයක් නැති අහිංසකයින්. මේ වගේම ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්ති පනත යටතේ උසාවියට ඉදිරිපත් කරලා මාස ගාණක් හිරේ තියාගෙන අන්තිමට නිදහස් කළා. එදා හවස් වරුවේ බුදු පිළිම කඩනවා කියන ආරංචියට, දිගනට හලාවතින් වැඩමකරපු ආරච්චිකුඹුරේ සෝභිත හාමුදුරුවන් ගෙදර යන්න බස් නැති හින්දා අමිත් වීරසිංහගේ ගෙදර රැයක් නතර වුණා.

මහ රෑ පොලිසියෙන් පැනලා ගෙදර හිටිය ඔක්කෝම අල්ලා ගෙන ගිහින් උසාවියට ඉදිරිපත් කළා. නාලක සිල්වා හාමුදුරුවන්ට පා පහරකුත් ගහල තමයි උසාවියට ඉදිරිපත් කළේ. අද ඔය නාලක ද සිල්වා ඇවිදගන්න බැරිවෙලා තියෙන්නේ සිවුරට පය තිබ්බ නිසයි කියලා මේ වෙසක් සතියේ අපි වගකීමෙන් ප්‍රකාශ කරනවා. උසස් පෙල ලියන්න හිටිය පොඩි හාමුදුරුවන් හිරෙන් නිදහස් වුණේ මාස අටකට පස්සේ. ඔන්න පොලිසියේ කෙරුවාව.

සහරාන් සැමරුමට හෙට පිළිම හදයිද?

අද මැයි විසි වෙනි දා. පාස්කු බෝම්බ ප්‍රහාරයට හෙටට මාසයයි. හෙට දිනයේ සහරාන් හසීම්ගේ හිතවතුන් පිරිසක් සහරාන් වීරයෙකු ලෙස සලකා ඔහුගේ පිළිමයක් ඉදි කළොත් එය නීත්‍යානුකූල බව ආණ්ඩුව දන්නවා ද? මරාගෙන මැරුණු ත්‍රස්තවාදින් අනුස්මරණය කිරීමේ උත්සවයක් පැවැත්වුණොත් ඒකත් නීත්‍යානුකූල බව ආණ්ඩුව දන්නවා ද? මේ ආණ්ඩුව සම්මත කළ 2018 අංක 34 දරණ හානිපූරණය සඳහා වන කාර්යාල පනත අනුව ත්‍රස්තවාදින් සිහිපත් කිරීම සඳහා ස්මාරක ඉදි කිරීම වගේම අනුස්මරණ උත්සව පැවැත්වීමත් නීත්‍යානුකූලයි.

එයට නීතියෙන් ආරක්ෂාව සැපයීමටත් පොලීසිය බැදිල ඉන්නවා. ඒ නිසා ජනතාව තව දුරටත් කෝප ගන්වන්නේ නැතුව දැන්වත් ත්‍රස්තවාදය පෝෂණය කරන දිරිමත් කරන හානි පූර්ණ කාර්යාල පනත හකුළා ගන්න කියලා අපි ආණ්ඩුව කියනවා.

විශ්වාස භංග යෝජනාව විවාද කරන දිනය හෙට දින තීරණය කිරීමට නියමිතයි

රිෂාඩ් ඇමතිවරයාට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාව නිසා භීතියට පත් ආණ්ඩුව ඒ යෝජනාව අඩුපාඩු සහිත නිසා කතානායකතුමා විසින් ප්‍රතික්ෂේප කළා කියලා බොරු ආරංචියක් සමාජ ජාලාවල පැතිරෙව්වා. නීතිය නොදන්නා නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකතුමාත් ඒ මතයම පල කළා. එහි කිසිදු නීතිමය අඩු පාඩුවක් නැහැ. පසුගිය 17 වන සිකුරාදා පාර්ලිමේන්තුව විසින් කතානායක නියමයෙන්‍ මෙම යෝජනාව න්‍යය පුස්තකයට ඇතුළත් කළා.

හෙට කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී මෙම යෝජනාව විවාදයට ගන්නා දින තීරණය කිරීමට නියමිතයි. අනේ කිරිඇල්ල නොදුටු න්‍යය පුස්ථකය කියල තමයි කියන්න වෙන්නේ. ඔය සභානායක කම දෙන්න ළමයෙක්ට. රටේ පවතින අසහනකාරි තත්වය සමනය කිරීමට මෙම යෝජනාව ඉක්මනින් විවාදයට ගන්නා ලෙසත් චෝදනා 10ක් අඩංගු බැවින් දින දෙකක විවාදයක් ලබා දෙන ලෙසත් හෙට දිනයේ කතානායකතුමාගෙන් ඉල්ලීමට අපි බලාපොරොත්තු වෙනවා. විවාදය දවසේදී තමුන්නාන්සේලාට අලුත් ප්‍රවෘත්ති ලැබේවි. මොකද තව කරුණු කාරණා ගණනාවක් ලිපිගොනු පිටින් අපි ගාව තියෙනවා. ඒවා අපි විවාදයේ දී ඉදිරිපත් කරනවා.

අරවින්ද අතුකෝරල

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *