ඇද හැලෙන මහ වැසි ගාල්ල මාතර පාසල් හෙට සහ අනිත්දා වසා දමයි!

September 23, 2019 at 9:38 pm | by emanisa.lk

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හෙට (24) සහ අනිද්දා (25) යන දින දෙකේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් වසා තැබීමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර නියෝග කර තිබේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද (23) රාත්‍රියේ දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට මිලිමීටර් 200 ඉක්මවූ වැසි ඇද හැළෙනු ඇති බවය.

එමෙන්ම වයඹ, ඌව, සබරගමුව, උතුර සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇති වනු ඇති බවට ද අනාවැකි පළකර සිටියි.

වැසි සමග විටින් විට තද සුළං ඇතිවිය හැකි බවත් අකුණු අනතුරු අවම කර ගැනීමට ජනතාව විමසිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *