ආර්ථිකය යළි පණ ගසයි..! උද්ධමනයත් පහළට..!

October 31, 2022 at 7:28 pm | by emanisa.lk

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝබර් මස මෙරට උද්ධමනය 66%ක් දක්වා පහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව මාසිකව නිකුත් කරන නිවේදනයේ දත්තවලට අනුව, පසුගිය සැප්තැම්බර් මස මෙරට උද්ධමනය 69.8%කි.

එමෙන් ම, මෙරට ආහාර උද්ධමනය ද ඔක්තෝබර් මාසයේ දී 85.6%ක් දක්වා පහළ ගොස් ඇති බව එම නිවේදනයේ දැක්වේ.

සැප්තැම්බර් මාසයේ මෙරට ආහාර උද්ධමනය 94.9%ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය මාසයේ දත්තවලට අනුව යම් අඩු වීමක් සිදුව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *