ආණ්ඩුව පෙරළන්න 125ක් සූදානම්..! විශ්වාසභංගයෙන් පසු නව ආණ්ඩුවක්..! – ගම්මන්පිල…

April 25, 2022 at 3:37 pm | by emanisa.lk

පක්‍ෂ 11 කණ්ඩායම ඇතුළු ස්වාධීන මන්ත්‍රීවරුන් 42 දෙනා ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

එකී යෝජනාවට පක්‍ෂව ඡන්දය දීමට මේ වන විට මන්ත්‍රීවරුන් 125 දෙනෙක් එකඟ වී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

විශ්වාසභංග යෝජනාවෙන් රජය පරාජයට පත්වූ පසු පොහොට්ටුවේ මන්ත්‍රිවරයෙකු අගමැති තනතුරේ දිවුරුම් දී අන්තර්වාර පාලනයක් ස්ථාපනය කිරීමට කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේ ය.

තම කණ්ඩායම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන යෝජනා කෙටුම්පත මේ වන විට සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ හා පොදුජන පෙරමුණ යන පක්‍ෂ වෙත ලබා දී ඇතැයි ද ඔවුන් ඊට සහාය දීමට එකඟතාව පළ කර ඇතැයි ද මන්ත්‍රිවරයා කියා සිටියේ ය.

මේ සතියේ පාර්ලිමේන්තුවට එම යෝජනාව ඉදිරිපත් කළ විට කතානායකවරයා විසින් එය කඩිනමින් න්‍යාය පත්‍රයට ඇතුළු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ගම්මන්පිල කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස