ආණ්ඩුව නැවතත් නාය යයි..! තවත් පිරිසක් විපක්ෂයට…!

October 22, 2022 at 5:42 pm | by emanisa.lk

ආණ්ඩුව තුළ කිසිදු දේශපාලන ස්ථාවරත්වයක් නොමැති බව 21 වන ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ හැසිරීමෙන් තහවුරු වන බව ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා පවසයි.

එවැනි පසුබිමක ජනාධිපතිවරයා IMF ආධාර ලබා ගැනීම සඳහා රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමට විපක්ෂයේ සහයෝගය ඉල්ලා සිටීම පදනම් විරහිත බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

පොදුජන පෙරමුණ යටතේ තරඟ කොට ජයග්‍රහණය කළ විශාල පිරිසක් මේ වන විට විපක්ෂයට එකතු වී ඇති බව සඳහන් කළ ශාන් විජයලාල්, නුදුරේ දී ම තවත් පිරිසක් විපක්ෂයට එකතු වන බව ද ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *