ආණ්ඩුව ඉන්දියාවෙන් ණයට පොලිස් ජිප් ගේන්නේ විපක්ෂය මර්දනයට…! – මුජිබර් රහුමාන්…

November 1, 2022 at 10:27 pm | by emanisa.lk

ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව දරන මතය දැනගැනීමට අනිවාර්යයෙන්ම මැතිවරණයක් පැවැත්විය යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

ආණ්ඩුව ගෙනයන මර්නදකාරී වැඩපිළිවළ සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රතිචාරය දැක්වීමට අවස්වථාක් ලබා දිය යුතු බවත් රහුමාන් ප්‍රකාශ කළේය.

එසේ නොමැතිව ඡන්ද කල් දැමීමේ ප්‍රතිවිපාක ආණ්ඩුවට ඉදිරියේදී භුක්ති විදිමට සිදුවනු ඇති බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්්‍යාලයේ පැවති මාධය හමුවකදී ඔහු පැවසීය.

ඉන්දියානු ණය වැඩපිළිවල යටතේ (ක්‍රෙඩිට් ලයින්) වෙනුවෙන් ලැබෙන ණය මුදලින් අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිලදි ගන්නවා වෙනුවට පොලිස් ජිප් රථ ලබා ගැනීමේ සූදානමක් ඇතැයිද මන්ත්‍රීවරයා එහිදි කීවේය.

ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රවය සහ සහන ලබා දීම වෙනුවට මර්නදය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ අරුමුණ බවට මින් පැහැදිලි වන බවත් ඔහු තවදුරටත් පැවසීය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *