ආණ්ඩුවේ වැඩ්ඩො 30ක් සජබයට…! මාලිමාවේ ලොක්කෝ පිරිසකුත් පෝලිමේ..! – සුජීව සේනසිංහ…

February 10, 2024 at 2:58 pm | by emanisa.lk

නුදුරේ දී ම ආණ්ඩු පක්ෂයේ සිටින දැන උගත් රටට වැඩක් කළ හැකි 25-30ක පමණ පිරිසක් සමගි ජන බලවේගයට එකතු කර ගන්නා බව සුජීව සේනසිංහ පවසයි.

ඔහු අනාවරණය කළේ මෙම පිරිස අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී පිරිසක් ද සිටින බවයි.

කෙසේ වුව ද රාජපක්ෂ නම ගෑවුණු කිසිවෙකු සිය සන්ධානයට එකතු කර නොගන්නා බවයි, සුජීව සේනසිංහ අවධාරණය කළේ.

පහුගිය යහපාලන ආණ්ඩුව සමයේ හොරු ඇල්ලීමට නොහැකි වූයේ දූෂණ කමිටු සභාපති අනුර දිසානායක සහ අණ දෙන නිලධාරී රනිල් වික්‍රමසිංහ නිසා බව ද හෙතෙම කීය.

සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එකතු වෙමින් සුජීව සේනසිංහ මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *