ආණ්ඩුවට ජනතාව නෙමෙයි අලියෙක් බලා ගන්නවත් බෑ…!

July 6, 2023 at 9:06 am | by emanisa.lk

විපක්ෂයෙන් තිදෙනෙක් ආණ්ඩුවට යන විට ආණ්ඩුවෙන් 35ක් විපක්ෂයට එක්ව ඇතැයි සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

ඔහු සඳහන් කළේ, ආණ්ඩුවේ තව මන්ත්‍රීවරුන් 10ක් විපක්ෂයට එකතු වුවහොත් මහා මැතිවරණයක් මුලින් පැමිණිය හැකි බවයි.

වර්තමාන ආණ්ඩුවට ජනතාව බලා ගැනීමට තබා අලියෙකු බලා ගැනීමට බැරි බව ද රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේය.

බංකොලොත් රටක අලියෙකුට බෙහෙත් දිය නොහැකි නිසා තායිලන්තය අලියා රැගෙන ගිය බව ද හෙතෙම වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *