රහස් පොලිසියේ සහ බන්ධනාගාරවල රඳවා සිටින මෙරට පාතාල ලෝකයේ දරුණු අපරාධකරුවන් ලෙස සැලකෙන පොඩිලැසී, කංචිපානි ඉම්රාන්, වෙලේසුදා ඇතුළු අපරාධකරුවන් දැඩි ලෙස භීතියට පත්ව සිටින අතර ඔවුන් සිය ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා නීතියේ සරණ පැතීම ආරම්භ කර ඇත.
පාතාල නායකයන් වූ කොස්ගොඩ තාරක සහ ඌරුජුවා පොලිස් අත්අඩංගුවේදී වෙඩි ප‍්‍රහාරවලට ලක්ව මිය යෑමෙන් පසු බන්ධනාගාරවල සහ රහස් පොලිසියේ රඳවා සිටින මෙම පාතාල මැරයන් සහ කුඩු ජාවාරම්කරුවන් මෙසේ නීතියේ සරණ පැතීම ආරම්භ කර තිබේ.
මෙරට ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු ලෙස සැලකෙන වෙලේසුදා ද සිය නීතිඥයන් මාර්ගයෙන් මේ ආකාරයට නීතිමය පිළිසරණක් ලබා ගැනීමට කටයුතු කර තිබිණි.
මේ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින පොඩි ලැසී නමැති අපරාධකරු ද මේ ආකාරයෙන් නීතියේ සරණ ලබා ගැනීමට කටයුතු කරමින් සිටියි.