අසාද් සාලිට මුවා වෙලා රටේ ප්‍රශ්න යට ගැසීම වැරදියි…! – ජවිපෙ…

March 15, 2021 at 9:24 pm | by emanisa.lk

හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගේ බ්‍රේක් නැති ප්‍රකාශ අනුමත කළ නොහැකි බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි.

අසාද් සාලි විටින් විට වීරයෙක් වීමට සිදුකරන ප්‍රකාශ තොරොම්බල් කරමින් ආණ්ඩුව රටේ සැබෑ ප්‍රශ්න යටපත් කරන බවට ද හෙතෙම චෝදනා කළේ ය.

නීතිය සැමට පොදු බවත් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු සඳහන් කළේ ය.

ආණ්ඩුව ඇතැම් ප්‍රශ්න මාධ්‍ය සංදර්ශන කරගෙන ඇති බවට ද විජිත හේරත් චෝදනා කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *