අවු. 20-29 කාණ්ඩයේ එන්නත්කරණය සති දෙකෙන්…! අනුමැතිය ලද වහා පාසල් සිසුන්ට ෆයිසර් එන්නත…!

September 4, 2021 at 7:01 am | by emanisa.lk

වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ඊයේ(03) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදීය. සූම් තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම පැවැත්විණ.

පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු සාකච්ඡාවට එක්වෙමින් කොවිඩ් මර්දනයට ගෙන ඇති පියවර පිළිබඳ කරුණු ඉදිරිපත් කළහ.

එන්නත්කරණ වැඩපිළිවෙළහි ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු අතර අවුරුදු 20 – 29 වයස් කාණ්ඩයේ එන්නත්කරණය ඉදිරි සති දෙකක කාලය ඇතුළත අවසන් කිරීමේ අවශ්‍යතාව කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

එන්නත්කරණයෙන් අත් කරගත් සාර්ථකත්වය සමඟ නව සාමාන්‍යකරණ ක්‍රමවේදයට අනුගත වෙමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *