අවුරුද්දකට 40 000ක් හෙරොයින් භාවිතය අත හරී….!

January 1, 2023 at 9:22 am | by emanisa.lk

ලංකාවේ හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයින් 40,000ක් පමණ වසරකට ස්වේච්ඡාවෙන් ඉන් ඉවත් වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර පවසයි.

වසරකට 90,000ක් 120,000ක් පමණ හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටින බවට වාර්තා වන බව කියා සිටි සභාපතිවරයා, ඒ අතරින් කිසිදු ප්‍රතිකාරයක් නැතිව මෙම පිරිස හෙරොයින් භාවිතය නවතා දමන බවත් ඔවුන් අවුරුදු 40 අඩු පුද්ගලයින් බවත් සඳහන් කළේය.

එමෙන්ම 2022 වසරේ ජනවාරි මස 01 වන දා සිට ඔක්තෝබර් මස 31 දා දක්වා හෙරොයින් භාවිත කළ පුද්ගලයයන් 1376ක් පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මත්ද්‍රව්‍යවලට යොමු වූ පිරිසෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබූ 1376න් සියයට 7ක් අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වන අතර සියයට 93ක් හෙරොයින් භාවිත කරන්නන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *