අවුරුද්දකට කලින් රුපියල් ලක්ෂේ දැන් තිස්දාහයි…!

September 1, 2022 at 10:04 am | by emanisa.lk

රුපියල් ලක්ෂයක් යම් පුද්ගලයෙකු ඉතිරි කර තිබුණා නම් මෙම වසර තුළ එහි වටිනාකම රුපියල් 30,000 දක්වා අඩු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය තමාට දැනෙන්නේ කපුටු කූඩුවේ සාදන ලද කොහා පැටියෙක් ලෙස බව ද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ අයවැය යෝජනා කෙතරම් ආකර්ශනීය වුවද ඒවා සැබෑ කර ගැනීමට පදනමක් ඔහුට නොමැති බව ද, පොහොට්ටුවේ අත්අඩංගුවේ සිටින ඔහුගේ මෙවර උත්සාහය වතුරේ යනු ඇති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *