අවලස්සන ඇමරිකානුවා හමු වුණේ සියල්ලට වඩා රට ලොකු නිසයි..! – ගම්මන්පිල…

May 4, 2022 at 1:47 pm | by emanisa.lk

විමල් සමග තමන් මහින්ද සුළඟ හදමින් යහපාලන ආණ්ඩුව විනාශ කිරීම පිළිබඳ මෛත්‍රීපාල සිරිසේන තුළ තමන් සහ විමල් පිළිබඳව ද තමන් අභූත චෝදනා නඟා සිරගත කිරීම පිළිබඳ මෛත්‍රීපාල සිරිසේන පිළිබඳව ද තමා තුළ ද කෙන්තියක් තිබිය හැකි බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

එහෙත් ඒ පෞද්ගලික කෝන්තර සියල්ලට වඩා රට වැදගත් නිසා, පොහොට්ටුව, සජබ, එජාප, දෙමළ සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය සමග සාකච්ඡා කරන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

එහි දී තමන් අකමැති පිරිස් මුණ ගැසිය හැකි වුව ද රට වෙනුවෙන් එය විඳ දරාගත යුතු බව ගම්මන්පිල සඳහන් කරයි.

තමන් අවලස්සන ඇමැරිකානුවා යනුවෙන් නම් කළ බැසිල් රාජපක්ෂ සමග ද සාකච්ඡා කළේ ඒ පදනම මත පිහිටා බව ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *