අලි ගහල මළොත් ලක්ෂ 10ක්…! දේපළ හානි වන්දියත් ඉහළට…!

June 14, 2021 at 8:55 pm | by emanisa.lk

වන අලි පහර දීමකින් මිය යන පුද්ගලයකු වෙනුවෙන් ඔහුගේ ඥාතීන්ට මෙතෙක් ලබා දුන් රුපියල් ලක්ෂ පහේ වන්දි මුදල රුපියල් දස ලක්ෂය දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.

මෙයට අමතරව වන අලි පහරදීම්වලින් දේපළ හානි සිදුවන පුද්ගලයෙකුට දෙන රුපියල් ලක්ෂයේ වන්දි මුදල රුපියල් දෙලක්ෂ පනස් දහස දක්වා වැඩි කිරීමට ද කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.

බොහෝ පාර්ශ්වවලින් ඉදිරිපත් වී ඇති ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *