අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නෑ..! – මුජිබර් මන්ත්‍රීකම ඉල්ලා අධිකරණයට…!

July 15, 2023 at 2:20 pm | by emanisa.lk

සමගි ජන බලවේගය පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සිය මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර තිබේ.

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ තමන්ට එම මැතිවරණය නොපවත්වන්නේ නම්, සිය මන්ත්‍රී ධුරය යළි හිමි විය යුතු බව ඔහුගේ තර්කයයි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා මේ වන විටත් සිය නීතිඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි, මුජිබර් රහුමාන් කියා සිටියේ.

මෙම මැතිවරණයට තරග කිරීම සඳහා ඉදිරිපත් වූ රජයේ සේවකයන්ට ද ඔවුන්ගේ රැකියාව මෙන්ම වැටුප ද යළි ලබා දීමට අදාළ තීන්දු තීරණ ගෙන ඇති හෙයින් තමාට ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ ඊට අදාළ වරප්‍රසාද ලබා දිය යුතු බව මුජිබර් රහුමාන් වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පසු ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඒ.එච්.එම්. ෆවුසිට හිමිවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *